ළමයින්ට තියෙන හීන හරි පුදුමාකාරයි.
ළමයින්ගෙ ලෝකෙ හරිම විශාලයි.
පිරිසිදුව හිතන්න පුළුවන් ළමයින්ට විතරයි …
මහපොලවට ඇවිල්ලා ඇගපත ගසපුවම මිනිස් ස්වරූපයක් ගන්න මේ මුහුදු රකුසන්ට මහ පොළවෙ තිබ්බෙ කියල නිම කරන්න බැරි සුන්දරත්වය ක්
ඇත්තටම ළමා කාලෙදි අපිට උනත් තියෙන්නෙ පුංචි පුංචි ලොකුවට හදාගත්ත හීන,
එහෙම හීන තමා ලූකාටත් තිබ්බෙ,
තමුන්ගෙ ඔලුවට උඩින් පේන ලෝකෙන් වැටෙන්නෙ මොනාද ?
ඒ ලෝකෙ මොන වගේද කියන එක කුතුහලයක්
ඔය කුතුහලය දිගේ යන එක තමා ලූකාගෙ හීනෙ වෙලා තිබ්බෙ
ලූකා කියන්නෙ මුහුද යට ඉන්න මුහුදු රාක්ෂයෙක් උනාට ඇතුලෙ හිටියෙත් ලමයෙක්
හැබැයි ලූකාගෙ අම්මා කවදාවත් මේ දේට කැමති උනේ නැ..
ලූකා හැමවෙලේම වගේ තමුන්ගෙ ඇස් මායිමෙ තියාගන්නයි අම්මට ඕනෙ උනේ
‘ උඩ ඉන්නෙ මිනිස්සු..ඒ ගොල්ලො අපිව මරනවා ‘
හැම අම්මම වගේ දරුවන්ගෙ ලෝකෙ තහංචි දාන්න ඔහොම කතා කියනවා.
ලූකාගෙ අම්මා ඔහොම කියන්නෙ එක දවසක් ලූකා පරක්කු වෙලා ගෙදර එනකොට අම්මට සැක හිතෙන වෙලාවක ,
අරුම පුදුම පිංතූර කාඩ් ටිකකුයි, එලාම් ඔරලෝසුවකුයි ලූකගෙ ගුහාවෙන් තාත්තා හොයාගත්තමයි..
ලූකාට එලියට යන්න තහනම් වෙනවා විතර ක් නෙමේ
මුහුදු පතුලෙ ඉන්න ඌගෝ මාමාගෙ කළුවර ලෝකෙට යන්න කියනවා..
ලූකා කවදාවත් මේකට කැමති උනේ නැති හින්දා ලූකා එලියෙ ලෝකෙට යන්නෙ පොඩිකාලෙ ලමයින්ගෙ දඩබ්බර වැඩවලට උදව් කරන ආච්චි අම්මා කෙනෙක් ලූකටත් හිටපු නිසයි..
මේ ඔක්කොටම මුල අහම්බෙන් වගේ ලූකා පස්සෙ වැටිල එලියෙ ලෝකෙ පෙන්නන ඇල්බර්ටෝ
ඒ අපේ ලූකට හම්බුන යාළුවා
ඇල්බෙර්ටෝ ඉන්නෙ පොළවෙ
හැබැයි එයත් මුහුදු රාක්ෂයෙක්
මේ දෙන්නගෙ විනෝදකාමී ජීවිතය ඇතුලෙ මේ දෙන්නා මවාගන්න හීනෙ තමා
වෙස්පා එකක් !
වෙස්පා එකක් වෙනුවෙන් මේ දෙන්නා නොකරන දෙයක් නෑ..
අපේ ජීවිතෙත් අපිට ඉන්න යාළුවො අපේ හීන පස්සෙ යන්න එනකොට අපිට තියෙන්නෙ පුදුම ශක්තියක්නෙ
ලූකාටත් එහෙමයි…
මේ දෙන්නා වෙස්පා එකක් හොයන් යන්නෙ පොර්තරෝසාවට
එතනදි හම්බෙන ජූලියා ලූකාගෙ හීනෙ වෙනස්ම පැත්තකට යොමු කරවනවා..
මේක බලන්න වටින කතාවක්
පොඩි ලමයින්ගෙ හීනවල තියෙන පැහැදිලි බව
පොඩි ලමයි ලෝකෙ දකින විදිහ
එයාලගෙ පරිකල්පන හැකියාවෙ තියෙන විශිෂ්ට බව ලස්සනට මේ සලරුවෙන් පෙන්නනවා.
ඒ වගේම තමා ලමයින්ගෙ ලෝකෙ හිරකරන්න හැදුවම ලමයි ඒවා කඩාගෙන බිඳගෙන තමුන්ගෙ ජීවිතේ හොයාගෙන යන්න හදන එකත් මේකෙන් අපිට හොඳ ටම තේරෙනවා.
ඒ ගොල්ලො කොහොමහරි එයාලගෙ වෙස්පා එක වෙනුවෙන් කරන්න තියෙන උපරිම කරනවා..
හැම කතාවකම වගේ මේ කතාවෙ දුෂ්ඨයො ගොඩක් ඉන්නවා..
පොදුවෙ ගත්තම මුහුදු රාක්ෂයන්ට බය සහ අකමැති මිනිස්සු
ඒ වගේම තමා ලූකා ,ඇල්බෙර්ටෝ,ජූලියා කියන තුන්දෙනාට එරෙහිව පොර්තරෝසෝ කුසලානෙ වෙනුවෙන් ඉන්න එර්කෝලේ
කොහොමහරි මේ හැමදෙයක් හින්දම ලූකගෙ ජීවිතෙ වෙනස් වෙන්නෙ මේ ඇල්බර්ටෝ තමුන්ව මුහුදෙන් එලියට එක්කගෙන ආව නිසයි.
කතාව බලලම තමා තීරණය කරන්න වෙන්නෙ මොකක්ද මේ කියලා !
හැබැයි ඔබ දන්නවා නම් මේ Disney + Pixar හවුලෙ නිපැයුනු අවුරුදු පහක ව්‍යාපෘතියේ නිර්මාතෲ Enrico Carsarosa ගෙ ළමා කාලයෙ හොඳම මිතුරාගෙ නමත් ඇල්බර්ටෝ බව,
තමුන්ගෙ ලමා කාලයට ඇල්බර්ටෝ දායක උනු ආකාරය තමා හුඟක් මේ කතාවෙන් ඔහු පෙන්වන්න උත්සහ කරල තියෙන්නෙ
1950 දශකය පාදක කරගෙන මේ සලරුව නිර්මාණය කරන්න මේ කණ්ඩායම පර්යේෂණ චාරිකාවක් පවා සූදානම් කරගෙන තියෙනවා.
ඉතාලි ජනප්‍රවාද කතාවල ඉන්න මුහුදු රකුසො මේකට සම්බන්ධ කරගෙන තියෙන්නේ ඒ ඉන්නෙත් හොඳ හදවතක් තියෙන කොටසක් කියල පෙන්නන්නයි
අවසානයේ මුහුදු රකුසො තමුන්ගෙ මිතුරො කරගන්නෙ ඒ මිනිස්සු තමුන්ට දැනුන පරිමාව මතයි.
ඇත්තටම පේන දේ නෙමේ ඇත්ත කියල අපිට ලස්සන ආඛ්‍යානයකින් පෙන්නන්න අධ්යක්ෂවරයා සමත් වෙලා තියෙනවා.
චිත්‍රපට ය පුරාවටම ඇහෙන්නෙ ඉතාලි සංගීතය
ඒ වගේම තමා හැමෝගෙම කතාවල තියෙන්නෙ ඉතාලි උරුවක්
මේ කතාව ඇත්තටම ලොකු පොඩි හැමෝම බලන්න ඕනෙ කතාවක් !
ලමයින්ගෙ හීන ගැන වැඩිහිටියො තේරුම් ගන්නත් ,ළමයින්ට හීන ගැන හිතන්නත් මේක උත්තේජනයක් !
මේක බලන්න හදනකොට අපේ ඔලුවෙ ඉන්න බෲනෝ කියන කෙනා කියයි
‘ ඔයාට ඕක බලන්න බෑ..ඕක බලන්න එපා කියල ”
ඒ වෙලාවට ඔයාලට එයාට කියන්න තියෙන්නෙ
‘ සලෙන්සියෝ බෲනෝ ‘
📌 කතෘ අයිතිය : කවීෂ සංදීප