WandaVision සීරිස් එකත් එක්ක හා පුරා කියල පටන්ගත්ත Marvel සිනමා විශ්වයෙ හතරවෙනි අදියරෙන් අපිට බලාගන්න හම්බුනා Scarlet Witch කියන චරිතය comicවල තියන විදියට කොහොමද buildup උනේ කියල.
ඒ වගේම Loki, What If සීරිස් දෙකෙන් MCU එකට මල්ටිවර්ස් කියන දේ අඳුන්නලා දුන්නා. ඒකෙ උච්චතම අවස්ථාවක් විදියට No Way Home චිත්‍රපටියෙන් අපි ආදරේ කරපු පරණ මාවල් චිත්‍රපටිවල චරිතත් අපිට දකින්න හම්බුනා.
ඉතිං මැයි 6 නිකුත් වෙච්ච Doctor Strange 2වෙනි චිත්‍රපටිය මාවල් විශ්වයේ තවත් වෙනස්ම පැත්තකට අපිව අරන් යන්න සමත් වෙනව. ඒ Multiverse of Madness විදියට…
No Way Home එකෙන් පස්සෙ ස්ටීවන් ස්ට්‍රේන්ජ් සහ WandaVision කතාමාලාවට පස්සෙ වොන්ඩා මැක්සිමොෆ් නැත්තං Scarlett Witch කියන චරිත දෙකෙන් මාවල් සිනමා විශ්වයේ ගමන් මඟ වෙනස්ම පැත්තකට හරවන්න ගත්ත ලොකු ඉදිරි පිම්මක් විදියට මේ චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්.
කළින් කිසිම MCU සම්බන්ධ කතාවක නොතිබුණ වෙනස්ම vibe එකක් මේ චිත්රපටියෙ ඇතුළත් වෙලා තියනව. ඒ Sam Raimi කියන දක්ෂ අධ්‍යක්ෂකවරයගෙ සංකල්පවලට අනුව. MCU එකේ පළවෙනි වතාවට Horror vibe එකක් යම්තාක් දුරකට දෙන්නත් මේ ෆිල්ම් එකට පුළුවන් වෙලා තියනව. ඒ වගේම ක්‍රියාදාම සහ හිටි හැටියෙ වෙන බලාපොරොත්තු නොවුනු සිද්ධි නිසා වෙන goosebumpsවලින් චිත්‍රපටිය පිරිලයි තියෙන්නෙ. කුතුහලයෙන් රසවිඳින්න පුළුවන්.
ඒ වගේමයි ගොඩක්ම ඉමෝෂනල්…
ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ට මුනගැහෙන ඇමරිකා චාවේස් කියන තරුණ ගෑණු ළමයා ආරක්ෂා කරගන්න ස්ට්‍රේන්ජ් තීරණය කිරීම සිද්ද වෙන සිදුවීම් මාලාවක් එක්ක කතාව දිගහැරෙනවා. ඒත් එක්කම ස්ට්‍රේන්ජ්ට ලෝකෙට වෙන්න යන ලොකු විනාශයක් ගැනත් දැනගන්න ලැබෙනවා.
මේ චාවේස් කියන ගෑණු ළමයා කවුද? එතකොට ස්කාලට් විච් කොහොමද මේකට මැදිහත් වෙන්නෙ??
ලෝකෙට වෙන්න යන අනතුර මොන වගේ දෙයක්ද..???
මේ සේරම ගැන දැනගන්න වගේම පහුගිය කාලෙ රූමර්ස් ගිය කැමියො සීන්වල ඇත්ත නැත්ත මොකක්ද කියල හරියටම හොයාගන්න ෆිල්ම් එක මුල ඉඳල අවධානෙන් බලන්න…
Author : Living Tribunal