Interstellar [2014]

[email protected]May 19, 2021Views 1.2K

Christopher Nolan හදපු සුපිරිම වගේම මමත් පෞද්ගලිකව ආසම movie එකක් තමා Interstellar කියන්නෙ.🙂❤️ මේ කතාවෙ විදිහට..පෘථිවියේ අන්තිම කාලෙ තමා ගෙවෙන්නෙ. හැමතැනම දූවිලි පිරිලා.. පෘථිවිය හැමඅතින්ම දූෂණය වෙලයි තියෙන්නෙ. තියන ලොකුම ප්‍රශ්නෙ තමා කන්න කෑම හිග එක. ඉතුරුවෙලා තියෙන එකම කෑම තමා තිරිගු. තිරිගු වලත් ආයු කාලෙ ඉවර වේගෙනයි එන්නෙ. ඒකටත් කෙලවුනාම මිනිස්සුන්ට කෑම නැතුව විදවලා මැරෙන්න වෙනවා.. 😶💔

ඉතින් මේකට විසදුමක් හොයන්න විද්‍යාඥයො, ගොඩක් අමාරු දේකට ඇගිලි ගහන්නයි යන්නෙ. ඒ තමා Wormhole එකක් මාර්ගෙන් වෙන galaxy එක්කට යන එක. මේ වැඩේට යන crew එකෙන් Cooper & Brand තමා main roll එකක් කරන්නෙ. ඒ වගේම එයාලත් එක්ක ඉන්නව TARS කියන bot. පොර හරියට Legos වගේ. 🤖 TARS ගෙනුත් ලොකු support එකක් හම්බෙනවා.

කතාවෙ හැමෝම වගේ පිස්සු වැටෙන්නෙ cooper blackhole එක ඇතුලට ගියාට පස්සෙ වෙන දේවල්වලින්. ඒ හැම දෙයක්ම imagination. කොටින්ම කිව්වොත් කලුකුහරෙක පළවෙනි photo එක ගත්තෙත් මේ ළගදිනෙ. ඒකත් blur වෙලයි තියෙන්නෙ. හැබැයි මේකෙ movie එක ඇතුලෙදි එ කල්පිතයන් ඇත්ත විදිහටම ඉදිරිපත් කරනවා. අලෝකය පවා ඇදලා ගන්න blackhole එක්කට cooper ගියපු විදිහට පණ පිටින් යන්න පුලුවන්වෙයිද කියන එක ගැන ගොඩක් අය කතාවෙනව. මොකද එතන තියෙන්නෙ ගොඩක් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක්. Movie එකේ එක තැනකදි Brand , Cooper ට කියනව කාලයෙ හා අවකාශයේ තියන මාන ඔප්පු කරල පෙන්නන එක දෙයක් තමා ආදරය කියල. ආදරය කියන දේ mathematically කිසිම මානෙකට සම්බන්ධ දෙයක් නොවුණත් මේ කතාවෙ අවසානෙට ආදරය කියන දේ ලස්සනට සම්බන්ධ කරලා තියනව.

ඒ තමා අන්තිමෙදි cooper tesseract එකට ගියපු වෙලාවෙ වෙන සිද්ධිය. ඇත්‍තටම කිව්වොත් පෘථිවිය බේරෙන්නෙ ආදරය හින්දා. මේක අමුතුම විදිහෙ lovestory එකක් 🙂❤️. Tesseract එකක විශේෂත්වෙ මොකක්ද? ටෙසරැක්ට් එක්කින් අපිට පුලුවන් පස් වෙනි මානයක් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලා දකින්න ඇති, එතන හැමතැනකම තිබ්බෙ Murph ගෙ කාමරෙ. එතන තිබ්බ පොත් රාක්කෙ ගාවට ගිහින් Cooper, mose code වලින් පණිවිඩ යවන්න පටන් ගන්නවා. Tesseract එකේ එක තැනකදි cooper දකිනවා එයා මේ ගමන එන්න පිටත් වුන moment එක. මේක අනාගතේ ඉදන් බලන් ඉන්න cooper, mose code එක්කට අනුව පොත් රාක්කෙ පොත් වට්ටලා පණිවිඩයක් යවනව “STAY” කියල. මොකද දැන් Cooper දන්නව ඒ ගමන ගියොත් අන්තිමේදි මේ වගේ තැනක හිරවෙන්නයි වෙන්නෙ කියල. ඒ code එක Murph කියවගන්නවා. එයා ඒක cooper ට කිව්වත් කූපර් ඒක ගනන් ගන්නෙ නැ. ඒ සිද්ධිය ඔයාලට මතක ඇති. ඒ වගේම දූවිලි වලින් code එකක් යවලා Murph වයි Cooper වයි NASA Base එකට යවන්නෙත් අනාගතේ ඉන්න cooper මයි. ඒ ඇයි කියල ඔයාලම හිතලා බලන්න.🙂

දැන් Murph ලොකුයි. Blackhole එක ඇතුලෙදි TARS එකතු කරපු quantum data පෘථිවියට යවාගන්න පුලුවන් වුනොත් මිනිස්සුන්ට පුලුවන් වෙනවා විසදගන්න බැරුව තිබුණ සමීකරණ විසදලා gravity එක පාලනය කරලා මිනිස්සුන්ව වෙන ග්‍රහලෝකෙකට ගෙනියන්න. ඉතින් ඒකට cooper පාවිච්චි කරන්නෙ එයා Murph ට දුන්න ඔරලෝසුව. ඒකෙ කටුවලින් එයා murph ට mose code වලින් quantum data යවනවා. මේ ඔක්කොම තේරුම්ගන්න Murph වැඩෙ අල්ලගෙන පෘථිවිය ගොඩදානවා. ඒත් එක්කම tesseract එක වැහෙනවා. වැඩේ ගොඩගියත් එක්කම ඒකත් වැහෙනවා? 😶කවුද මේක කරන්නෙ? වෙන ජීවයක්ද? නැත්තන් අනාගත මිනිස්සුමද? කුතුහලයක් 😶

ඉතින් පෘථිවිය බේරෙනවා. Cooper නැගිටින්නෙ Cooper station එකේ ඉදන්. එයාගෙ දුව මරණාසන්නයේ ඉන්නෙ. කූපර් තරුණ වෙන්නත් දුවට එහෙම වෙන්නත් හේතුව එයාලට අර ග්‍රහලෝකෙදි වගේම blackhole එක ළඟදි වුන time delay එක. ඊටපස්සෙ එයා යන්නෙ Murph ව හොයාගෙන. එයා ඉන්නෙ ඊළගට තවත් ජීවයක් පවත්වාගෙන යන්න පුලුවන් ග්‍රහලෝකෙක..ඊලග පෘථිවිවාසීන්ගෙ නිවහන තමා ඒක. 😋

සමහරුන්ට ඒ තැන තෙරුම්ගන්න එක ගොඩක් අමාරු දෙයක්. තවත් පැහැදිලි කරන්න ඕන දේවල් ගොඩක් තියනවා. ඒ දේවල් අරගෙන තව පෝස්ට් එකක් ගේන්නම්. 🙃

ඉතින් මේ movie එකේ Cooper චරිතයට ඉන්න Matthew McConaughey එයාගෙ චරිතෙට උපරිම සාධාරණයක් කරනවා. ලෝකෙ ඉන්න actors ලගෙන් ඉහළම පෙළේ actor කෙනෙක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම කතාවෙ ඉන්න පොඩි කෙල්ල. Murphy. Character එකට සමවැදිලා ප්‍රේක්ෂකයොන්ගෙ සංවේදීකම එලියට ගන්න පුලුවන් වුනා.

ඉතින් මේ විදිහට අභ්‍යවකාශයට යද්දි අපිට ඕනම වෙන theory එකක් තමා සාපේක්ෂතාවාදය නැත්තන් Relativity. මේ Movie එකේ අපිට සාපේක්ෂතාවාදය කියන Theory එකත් ගොඩක් හොදින් බලාගන්න පුලුවන්. ඒ වගේම movie එකේ තියන music 😋. ඒ music tracks හින්දා movie එක ගොඩක් හිතට වදිනවා. බැලුවට පස්සෙත් මුමුණන තරමටම🙂.

නෝලන්ගෙ මෙ සුපිරි Science Fiction Movie එක බලලා නැත්තන් අනිවා බලන්න. මේ review එකේ ඉතිරි කොටස වෙනම ගේන්නම්..ඒක මීටත් වඩා රසවත් වෙයි. එහෙනන් හැමෝටම සුභ දවසක් ❤

Review by : Susara Thennakoon

Categories

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published