වීරයා මැරිලා – Malik 2021

[email protected]July 17, 2021

සුලෛමාන් කියන්නෙ මුල්කාලීනව ඇත්තටම ගත්තොත් හොරෙක්,ජාවාරම්කාරයෙක්..
අන්තිමට සමස්ත ගම්මානයක්ම නියෝජනය කරන ජනතා නායකයෙක් විදියට මේ ආපු ගමනෙ අවසානය,
බහුතරයක් දෙනා සුලෛමාන් ව මරන්න ඕනෙ කියන අරමුණක් !
ඒ ඇයි ?
චිත්‍රපටය අවසානය වෙනකන්ම කතාවෙ ඒ ප්‍රශ්නය ඉතුරු කරවන්න සමත්වෙලා තියෙනවා.
සමස්තයක් විදියට කතාවෙ තිර පිටපත ,දෙබස් ඉතා ප්‍රබලයි..
කතාව කොටස් තුනකදි ගලාගෙන යන්නෙ
එක එක්කෙනාගෙ දෘෂ්ටිකෝණවලින්
ඒක ඇත්තටම මරු වැඩක් !
මුල් භාගය දුවන්නෙ සුලෛමාන්ගෙ අම්මගෙ දෘෂ්ටිකෝණයෙන්,
දෙවෙනි භාගය දුවන්නෙ ඩේවිඩ්ගෙ දෘෂ්ටිකෝණයෙන්,
අන්තිම කොටස තමා සුලෛමාන්ගෙ දෘෂ්ටිකෝණයෙන් දුවන්නෙ,
දේශපාලනික තේමාවක් විදියට මතුපිටින් පෙනුනත් මානව සම්බන්ධතා ඇතුලෙ දුවන සියුම් හැඟීම් ප්‍රකාශනය ඊටත්වඩා උඩට මතුවෙනවා.
පෞද්ගලික අරමුණු වෙනුවෙන් මිනිස්සු අතරෙ ජාතිවාදය පතුරවල දේශපාලන වාසි ලබාගන්න එකත් ,
පරණ අරමුණු පරම්පරා ගාණක් තිස්සෙ දිගට ඇදෙන්න යන හැටිත් ,
දෙමාපියන්ගෙ අරමුණු වෙනුවෙන් කිසිම දෙයක් ගැන නොදැන දරුවො පාවිච්චි වෙන හැටි ත් ,
සේරම දේවල් දැනගත්තම පසු පරම්පරාවල තෝරාගැනීම මොකක්ද කියන එකත් චිත්‍රපට යේ අවසානය වෙනස් කරන්න බලපානවා.
විශේෂයෙන් සුලෛමාන්ගෙ චරිතය මුස්ලිම් උනත් සමස්ත ජනතාව වෙනුවෙන් හඬ නගන්නෙක් විදියට සුලෛමාන් පෙනී සිටිනවා.
තමන්ගෙ ගම්මානයට පොලිසියවත් අවශ්‍ය නොවන බවත් ඒ සියල්ලම තමුන්ට බලාගන්න පුළුවන් බවත් කීපවරක්ම සුලෛමාන් පවසන ආකාරය චිත්‍රපට යේ සඳහන් වෙනවා.
දේශපාලනික වශයෙන් ඇතිකරන සියලුම ගැටුම්වලට මූලික හේතුව Dileesh pothen නිරූපණය කරන අබු බකර් චරිතය විදිහට අපි පැහැදිලිව හඳුනාගන්න පුළුවන් .
පල්ලිය ඇතුලෙ ඩේවිඩ්ගෙ පුතා ගහන ගල සමස්ත ඕඩියන්ස් එකේම ජයග්‍රහණයක් විදියටයි මට දැනුනෙ..
පොදුවේ ගත්තම අද ලංකාවේ උනත් පවතින්නෙ මේ තත්වයයි.
දේශපාලනික අරමුණ වෙනුවෙන් සාමාන්‍ය ජනතාව පාවිච්චි වීමක්..
කතාව පැත්තෙන් ගත්තොත් ඇත්තටම ඉතාම ලස්සන කතාවක්..
කතාව ඇතුලෙ චරිතවල ජීවත් වෙන්න උපරිම ආකාරයකට සමත්වෙලා තියෙනවා රංගන ශිල්පීන් සේරම වගේ..
හැමෝම ඒ චරිතවල ජීවත් වෙනවා.
විශේෂයෙන් Nimisha sajayan ගෙ නිරූපණයෙ ප්‍රබල බව මතක් කරන්න ඕනෙ..
Fahaad faasil ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නොතිබුනත් මහළු සුලෛමාන්ගේ චරිතයේ තියෙන සියුම් හැඟීම් ප්‍රකාශනය,වයෝවෘද්ධ මිනිසෙකුගේ හැසිරීම් රටාව නිරූපණය කරන විදිහට මගෙ පෞද්ගලික කැමැත්තක් තිබුණා.
Sushin shyam ගෙ Music ගැන ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑ.
චිත්‍රපටයෙ කතා තේමාව ඒ විදියට ම ෆීල්වෙන්න ඒ සංගීතය දායක වෙලා තියෙනවා.
චිත්‍රපටයෙ දර්ශන මාරුවෙන විදිහත් ආකර්ෂණීය යි.
එක් එක් කාලවලදි පරිසරයේ වෙනස්වීම,මිනිසුන්ගෙ පෙනුම වෙනස් වීම දක්වල තියෙන විදිහ මරු !
වේෂ නිරූපණයෙන් සෑහෙන වැඩක් කරල තියෙනවා කියල පේනවා.
Mahesh Narayanan ගෙ මාස්ටර්පීස් එකක් කියල කියන්න පුළුවන් විදිහෙ වැඩක්.
තව කෙනෙක්ට කට ඇරලා මරු කියන්න පුළුවන් වැඩක් .
පැහැදිලි ව පෙනෙන කිසිම අඩුපාඩුවක් මට නම් නැහැ.
Theater Experience එකක් ගන්න ඕනෙ ෆිල්ම් එකක් මෙහෙම බලන්න උනු එකයි දුක !
සරලවම කිව්වොත් මාරයි.. ❤️

📌️ කතෲ අයිතිය – කවීෂ සන්දීප

Categories

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published