The Godfather

[email protected]April 14, 2021Views 7K

අද අපි කතා කරන්න යන්නෙ The Godfather කියන ලෝකෙ 2 වනියට හොදම Movie එක ගැන. එහෙම කියන්න හේතුව තමයි මේක IMDb Ranking වලින් 9.1 ක rate එකක් අරන් Top Rated Movies වලින් දෙවනි තැනට ඉන්න එක. මේ සුපිරි නිර්මාණෙ හැදෙන්නෙ 1972 දි. එච්චර පරණ movie එකක් IMDb ranking වලින් දෙවනි තැනට? WT? ඔිනම කෙනෙක්ට එහෙම හිතෙන්න පුලුවන්..දෙවනි තැනට එන්න තරම් ඇයි මේක මෙච්චර විශේෂ? බහිමු කතාවට..

“I’m gonna make him an offer he can’t refuse.”
―Vito Corleone

කතාව බලපු කෙනෙක් නම්, මේ කතාව හොදට මතක ඇති. ඒත් එක්කම මතක් වෙන චරිතෙ තමා Don Vito Corleone. Corleone කියන පාතාල පවුලේ නායකයා..එයාව හදුන්වන්නෙ Godfather කියලා. මේ හැමෝම ඉතාලිකාරයො. නැත්තන් Sicilians ලා.

කතාව පටන්ගන්නෙ Don ගෙ (Godfather ගෙ) දුවගෙ wedding එකෙන්. Don ආරාධනා කරන කාටවත් මේකට එන්නෙ නැතුව ඉන්න බැ. පොර එච්චරටම මැර චරිතයක්. Don ගෙ කටහඩ වගේම පෙනුම ඒ චරිතෙට සුපිරියටම ගැලපෙනවා. හරි..ඉතින් කතාවෙ මුල් හරිය කම්මැලියි. කට්ටිය බොනවා.. නටනවා… මේ අතරෙදි මෙතෙන්ට එනවා Michael. Don ගෙ බාලම පුතා. 2 වන ලෝක යුද්ධෙ Marine කෙනෙක්. පොර wedding එකට ඇවිල්ලා Girlfriend එක්ක කතා කර කර ඉන්නවා. එතෙන්දි මයිකල් කියනවා කවදාවත් එයානම් තාත්තගෙ මැර වැඩවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියලා..එහෙම වෙයිද?🙃 මයිකල්ට වඩා වැඩිමල් සහෝදරයා තමා Fredo. පවුලෙ ලොකුම කොල්ලා තමා Sonny. පොර බැදලා…හැබැයි පොර Lucy Mancini කියන ගෑණි එක්ක උඩ තට්ටුවට යද්දි පරිස්සමෙන්.😂 මේ පවුලෙ ඉන්න තවත් කෙනෙක් තමා Tom Hagen. මෙයා තමා Corleone පවුලෙ lawyer. මෙයත් Don ගෙ පුතෙක්. හැබැයි හදාගන්න ගත්තු කෙනෙක්.

Wedding එකට Johnny Fontane කියන ගායකයත් එනවා. පොර Don ගෙ Godson කෙනෙක්..ඒ කිව්වෙ පුතෙක් නෙමෙයි. 😅 හරියට Don ගෙ අනුගාමිකයෙක් වගෙ. Johnny Fontane ව ප්‍රසිද්ධ කරන්නෙ Don. Fontane ට ප්‍රසිද්ධ වෙන්න තිබ්බ චිත්‍රපටියකට එයාව ගන්නෙ නෑ කියල තියෙද්දි Fontane, Godfather ගෙ උදව්වෙන් වැඩෙ කරගන්නවා. Don, Studio එකේ Head ‌ට බෑ කියන්න බැරිවෙන්න සුපිරි වැඩක් කරනවා🙂…බලලම හොයාගමු… 🐴

මේ වැඩෙන් පස්සෙ Corleone පවුල meeting එක්කට යනවා Virgil Sollozzo එක්ක. කවුද ඒ?🤔 පොර Tattaglia කියන පවුලෙ කෙනෙක්. පොර හෙරොයින් ගෙන්නලා ඒවා බෙදාහරිනවා..ඒක හරියට කරගෙන යන්න ඔින දේශපාලන / නීතිමය රැකවරණය හදලා දෙන්න කියලා Don ගෙන් ඉල්ලනවා. මොකද Don රටේ හොද අතු ටිකක් අල්ලගෙනයි ඉන්නෙ. මේ වැඩෙන් පට්ට ලොකු සල්ලියක් හොයන්න පුලුවන් කම තිබ්බත් Don මේක ප්‍රතික්ෂේප කරනවා. මොකද මත්ද්‍රව්‍ය සම්බන්ධ දේකට ලොක්කොන්ගෙන් උදව් ඉල්ලුවොත් ඒකෙන් එයාගෙ connection කැඩෙන්න පුලුවන් හින්දා. Sollozzo ලා යනවා. Don ට මේ Sollozzo කාරයා ගැන සැක හිතිලා Luca Brasi ව යවනවා Tattaglia පවුල ගැන විස්තර හොයන් එන්න. මෙතෙන්දි Luca ගෙ බෙල්ල හිරකරලා මරලා දානවා.😐

පස්සෙ මේ Sollozzo, Tom Hagen ව බලෙන් එක්කගෙන ඇවිත් පොරට බල කරනවා මේ වැඩේ Sonny වත් නම්මගෙන කරලා දෙන්න කියලා. එතෙන්දිම පොරට ආරංචි වෙනවා Don ට වෙඩි වැදිලා කියලා..ඒත් Don මැරෙන්නෙ නැ. 💪 කලබල වුණ Sollozzo , Hagen ට කියනවා වැඩේ ඉක්මන් කරන්න කියලා. Hagen වැඩේ කරයිද? සහෝදරයෝ සෙට් එක කතා කර කර ඉද්දි මෙතෙන්ට අමුතුම පාර්සලයක් එනවා. ලූකා ගෙ bullet proof vest එකෙන් ඔතපු මාලුවෙක්. ඒක සිසිලියානු පණිවිඩයක්…ඒකෙන් කියන්නෙ ලූකා මාලු සමග සැතපෙනවා කියලා.😦 මේකෙන් තේරෙනවා ටටාලියා/ Tattaglia පවුල එන්නෙ ගේමට කියලා.. ඒවගේම Don ට වෙඩි තිබ්බ දවසේ එයාගෙ bodyguard වුණ paulie නිවාඩුවක් දානවා. ඒ මේ ගැන කලින්ම දැනන් හිටපු හින්දා කියලා හිතපු Sonny, ක්ලෙමෙන්සා කියන පොරට කියනවා Paulie ව මරලා දාන්න කියලා. ඒක ඒ විදිහටම වෙනවා..👌

මයිකල් යනවා එයාගෙ තාත්තා Don ව ඉලන්න ඉස්පිරිතාලෙට. එයාට කිසිම ආරක්ෂාවක් නෑ. කට්ටිය වැඩි වුණු හින්දා පොලිසිය හැමෝමව එළවලා දාලා. මයිකල් Don ව වෙන කාමරේකට මාරු කරනවා. මේ අතරෙම Enzo කියලා පොරක් එනවා Don ව බලන්න. පොරත් එක්ක මයිකල් hospital එක ඉස්සරහට වෙලා ඉන්නවා. එහෙම ඉන්න අතරෙත් Sollozzo ගෙ මිනිස්සු වගයක් කාර් එකක එනවා. ඒත් එක්කම උන් යනවා. එතෙන්දිම මයිකල් පොලිසිය එක්ක වලියක් දාගන්නවා. පාරකුත් කනවා. 🙃

තාත්තට කරපු වැඩේට පලිය ගන්න Sonny ලා බෲනෝ ටටාලියා කියන පොරව මරනවා. ඒත් එක්කම Sollozzo පණිවිඩයක් එවනවා Corleone පවුල එක්ක රැස්වීමක් ඔින කියලා..ඇත්තටම කිව්වොත් ඌ පොඩ්ඩක්වත් බය නැති පොරක්. 😈මේකට යන්න ඉදිරිපත් වෙන්නෙ මයිකල්. මේ හමුවට Sollozzo හා මයිකල්ට ගහපු Sollozzo ට වැඩ කරන පොලිස් ලොක්කා එනවා. මයිකල් එතෙන්දි සුපිරි ප්ලෑනකින් දෙන්නටම වැඩේ දෙනවා. 😌මයිකල් කියන්නෙ යුධ වීරයෙක් කියන එක එතෙන්දි ඔප්පු වෙනවා. මේ වැඩෙන් පස්සෙ මයිකල්ව සිසිලි වලට යවනවා. ඒ වගේම Don ආපහු ගෙදරත් එනවා.

සිසිලියේ ඉන්න අතරතුරේදි මයිකල් ලස්සන කෙල්ලෙක් එක්ක විවාහ වෙනවා.😍 එහෙ විවාහ වෙද්දි මෙහෙ පවුල් කැඩෙනවා. Don ගෙ දුව විවාහ වුණ Carlo හොර ගෑණියක් තියන් ඉන්නවා කියලා දැනගත්ත Connie (Don ගෙ දුව) මේ ගැන Carlo ගෙන් අහනවා. එතකොට Carlo , Connie ට ගහලා. මේක දැන්න Sonny ගිහින් පාර මැදදි Carlo ට ගහනවා. ඒත් Carlo , Connie ට ගහන එක නතර කරන්නෙ නෑ. ආයෙත් sonny ඌව හම්බෙන්න යද්දි පොරට වැඩේ දෙනවා.😐ඒක කරන්නෙ carlo ,Tattaglia පවුලේ උදව් ඇතිව. ඒ සිද්ධිය බලන්නම ඔින. එතනින් පස්සෙ Corleone පවුලට sonny කියලා කෙනෙක් නෑ. 😢

ඊට පස්සෙ ටටාලියා පවුල ගේම දෙන්නෙ මයිකල්ගෙ කෙල්ලට. සුපිරිම ප්ලෑනකින්. කතාව එන්න එන්නම රසවත් වෙනවා වගේම Corleone පවුලේ සාමාජිකයෝ අඩුවෙනවා. මයිකල් ආයෙත් ගෙදර ඇවිත් එයාගෙ කලින් ගර්ල්ප්‍රෙන්ඩ් ව හම්බෙනවා. එයා කැමති වෙන්නෙ මයිකල්ව බදින්න. 😙මේ අතරේ පවුලේ පවුලෙ නායකකම මයිකල්ට හම්බෙනවා.😍 එතකොට මයිකල්ගෙ අයියා Fredo? පොර casino පිස්සෙක්. ඒ වගේ පොරකට පවුලක් මෙහෙයවන්න බෑ. රෝගාතුර වෙලා හිටපු Don Vito නැත්තන් Godfather නැතිවෙනවා.😢 කාගෙවත් ගේමකින් නෙමේ. නිකන්ම. හරි..දැන් මයිකල් තමා නායකයා.. පොර එයාගෙ නංගිගෙ දරුවට සර්ව ඈපා නැත්තන් Godfather වෙනවා. පොර මොනව කරගනීද?🤔 අනිත් පවුල් වල උන්ට වැඩේ දෙයිද? නැත්තන් පොරත් මැරුම් කයිද?

එහෙනන් මිත්‍රවරුනි, මම මෙතනින් නවතිනවා. ඉතිරි ටික හොයාගන්නම් ඔයාට කතාව බලන්නම වෙනවා. මේ කියවපු ටික වැදුනනම් ඔයා දැනටමත් බලන්න ලෑස්ති ඇති. ලෝකෙ දෙවනියට හොදම චිත්‍රපටිය වෙන්න මේකට හොදටම සුදුසුකම් තියනවා. මේකෙ ඉන්න චරිත, පරිසරය ඔක්කොම සුපිරියටම කතාවට ගැලපෙනවා. ඒ මැර මූණු ටික කවදාවත් මට නම් අමතක වෙන්නෙ නෑ. ඔයාලටත් එහෙම වෙයි. එහෙනන් කස්ටිය. ඉතිරිය ඔබට භාරයි. සුභ දවසක් ! ❤️

කතෘ අයිතිය : සුසාර තෙන්නකෝන්

Categories

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published